FCID එක විසුරුවන්නලූ

Monday, 25 May 2015 - 13:09

FCID+%E0%B6%91%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BD%E0%B7%96
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වහාම විසුරුවා හැරිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ විකල්ප කණ්ඩායම පවසනවා. එහි කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අමාත්‍ය රාජිත සේනාරත්න චීනය සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුව චීනයට ශ්‍රී ලංකාවට පැමිණ මාළු ඇල්ලීමට හැකියාව පවතින බවයි. එම ගිවිසුමට අනුව රාජිත සේනාරත්න අමාත්‍යවරයාට මුදලක් හිමිවන බවත් ඒ පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ නොපවත්වන්නේ මන්ද යන්න පිළිබඳව ඔහු මෙහිදී ප්‍රශ්න කළා.