රේගු අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වේ

Monday, 25 May 2015 - 19:12

%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.  ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තම අමාත්‍යාංශය වෙත ලැබුණු බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක එම අමාත්‍යාංශයේ අද (25) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ. පෞද්ගලික හේතූන් සදහන් කරමින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රේණි 27කට අයත් සේවකයින් 40,000කට රුපියල් 1000ක දීමනාවක් එළඹෙන ජුනි මාසයේ සිට ලබාදෙන බව ද මුදල් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.