Update: අතුරුදන්වූ රත්ගම සිසුවා සොයා ගිං ගඟ පීරයි

Wednesday, 27 May 2015 - 8:13

Update%3A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%82+%E0%B6%9C%E0%B6%9F+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ගාල්ල - බූස්ස ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15ක් වයසැති අතුරුදන්වූ පාසල් සිසුවා සොයා නාවික හමුදාව සහ පොලීසිය තවදුරටත් ගිං ගඟේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. පාසල් සිසුවෙකු අතුරුදන්ව ඇති බවට රත්ගම පොලීසියට පැමිණිල්ලක් ලැබුණේ පෙරේදා රාත්‍රියේයි.   ගාල්ල - රත්ගම දේවපතිරාජ මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවා අතිරේක පන්තියකට සහභාගි වී නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමාපියන් මේ පිළිබදව පොලීසිය දැනුවත් කළා. ඒ අනුව මෙම සිසුවාගේ පාසල් බෑගය ගිං ගඟ ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී පොලීසිය සොයා ගත්තේ ඊයේ උදෑසනයි.

මේ අතර ඊයේ දිනයේදී පොලිස් නිල සුනඛයින් යොදවා පරික්ෂන සිදුකළ බවයි රත්ගම පොලීසිය සඳහන් කළේ.

මීට පෙර පළ කළ පුවත මෙතනින් බලන්න :
http://goo.gl/8SVSCQ