Update: හදිසි පාර්ලිමේන්තු රැස්වීම ලබන 3 වැනිදා

Wednesday, 27 May 2015 - 13:07

Update%3A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+3+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F
ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයෙන් පත් කෙරෙන සාමාජිකයන් 03 දෙනාගේ නම් අනුමත කර ගැනීම සඳහා හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් ලබන මස 03 වනදා කැඳවා තිබෙනවා. මීට පෙර පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබුණේ ජුනි මස 09 වනදායි.
Update : Wednesday, 27 May 2015 - 18:56
-------------------------------------------------------------

පාර්ලිමේන්තුව හදිසියේ කැඳවයි
ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයෙන් පත් කෙරෙන සාමාජිකයන් 3 දෙනාගේ නම් අනුමත කර ගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවීමට තීරණය කර තිබෙනවා. එම පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන දිනය කථානායකවරයා විසින් අද (27) තීරණය කෙරෙනු ඇති බවයි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සඳහන් කළේ. මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ලබන මස 9 වැනිදා යළි පැවැත්වීමටයි මීට පෙර තීරණය වී තිබුණේ. එහෙත්, හදිසි අවශ්‍යතාවයක් සේ සලකා නුදුරු දිනයකදීම මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙනු ඇති බවයි නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පිහිටුවන ව්‍යවස්ථාදායක සභාව සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකු සහ සිවිල් සමාජයේ පුද්ගලයන් 3 දෙනෙකු ඇතුළත්. ඒ අනුව, කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා නිල බලයෙන් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරනු ඇති. අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ නම් කර ඇති අතර විපක්ෂ නායකයාගේ නියෝජිතයා ලෙස නම් කර ඇත්තේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්නයි. ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පාඨලී චම්පික රණවක ව්‍යවස්ථාදායක සභාවට නම් කර තිබෙනවා. සුළු පක්ෂ නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවට පත් කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන්. කෙසේ වෙතත්, මේ දක්වා සිවිල් සමාජයෙන් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන සාමාජිකයින්ගේ නම් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නැහැ.

මේ අතර, ව්‍යවස්ථාදායක සභාවට පත් කෙරෙන සිවිල් සමාජය නියෝජනය කරන නියෝජිතයන් වශයෙන් ජගත් සංවිධානයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරියක වන රාධිකා කුමාරස්වාමි සහ හිටපු විගණකාධිපති එස්.සී.මායාදුන්න පත් කිරීම සඳහා එකඟත්වයක් පවතින බවයි මීට පෙර වාර්තා වුණේ.

සර්වෝදය ව්‍යාපාරයේ නායක ආචාර්ය ඒ.ටී.ආරියරත්න ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සාමාජිකයෙකු ලෙස විපක්ෂ නායකවරයා විසින් නම් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළව තිබුණා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ආචාර්ය ඒ.ටී.ආරියරත්නගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එවැනි පත්වීමක් පිළිබඳව තමන්ව නිල වශයෙන් දැනුවත් කර නොමැති බවයි.


පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More

පානදුර බෙක්කේගම ඡන්දපොලේ දී සිදුවූ මරණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 16:23

පානදුර බෙක්කේගම ඡන්දපොළ භුමියේදී අද (05) පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ... Read More

පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More