මැකොට විදේශ රටවලදී කාන්තාවන් ගැන විශේෂ ලැජ්ජාවක්

Thursday, 28 May 2015 - 19:21

%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BD%E0%B7%90%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ස්වාධීනව මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේදී අද (28) සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ මානව හිමිකම් කොමිසමේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන්. එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මෙම කාරණයට මානව හිමිකම් කොමිසම අදාළ වන ආකාරය පළමුව පැහැදිලි කළා. මෙහිදී ශ්‍රී ලාංකීය දේශපාලනයේ කාන්තා නියෝජන අඩුවීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා වෙත ප්‍රශ්නයක් යොමුවුණා.

එහිදී ඔහු කියා සිටියේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ වෙනත් සමුළුවලදී විවිධ මාතෘකා යටතේ ශ්‍රී ලංකාවේ මැතිවරණ පද්ධතිය පිළිබඳව ප්‍රශ්න විමසන විට ඊට තමන් නොබියව පිළිතුරු ලබා දුන්නද, කාන්තා නියෝජනය සම්බන්ධයෙන් විමසන විට පිළිතුරු දීමෙන් වැළකී සිටින බවයි. ඇතැම් අවස්ථාවල ලංකාවෙන් දුරකතන පණිවුඩයක් තිබෙන බව පවසා එවැනි අවස්ථා මඟ හරින බවද ඔහු එහිදී කියා සිටියා.