මාධ්‍යවේදීන් අතුරුදන්වීම ගැන පරීක්ෂණ අලූත් වෙයි

Saturday, 30 May 2015 - 8:20

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අතුරුදන් වූ මාධ්‍යවේදීන් පිළිබඳ සිදුකළ පරීක්ෂණවල ලිපිගොනු නැවත විවෘත කර නිවැරදි, අපක්ෂපාතී සහ සාධාරණ පරීක්ෂණ පැවැත්වීමට ඉඩ ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ, කොළඹ නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේ ඊයේ (29) පැවැති උත්සවයකට එක්වෙමින්. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරියට පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයෙන් පිරිනැමුණු සම්මානය සමඟ ලැබුණු ඇමරිකානු ඩොලර් 5000ක මුදල ද වසර 5කට පෙර අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වෙත මෙහිදී ප්‍රදානය කෙරුණා.