දේශපාලනඥයන් හා හමුදාවේ 89කට වැට

Sunday, 31 May 2015 - 9:34

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A++89%E0%B6%9A%E0%B6%A7++%E0%B7%80%E0%B7%90%E0%B6%A7
යුරෝපා සංගමයේ දේශපාලනඥයන්, නිලධාරීන් සහ හමුදා ප්‍රධානීන් 89 දෙනෙකුට රුසියාවට ඇතුලූවීම තහනම් කර තිබෙනවා. යුරෝපා කවුන්සිලයේ මහ ලේකම්වරයා මෙන්ම හිටපු බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය නික් ක්ලෙග් ද ඊට ඇතුළත්. මොවුන් සියලූදෙනාම පාහේ රුසියානු ක්‍රියාමාර්ග විවේචනය කළ අය වීම විශේෂත්වයක්. ජනාධිපති පුටින්ට මෙන්ම යුක්රේනය තුළ රුසියානු ක්‍රියාමාර්ගවලට ඔවුන් විරෝධය පළ කර තිබෙනවා. රුසියානු දේශපාලනඥයන් සහ හමුදා ප්‍රධානීන් පිරිසකට එරෙහිව යුරෝපා සංගමය මගින් මේ වනවිට සංචාර තහනමක් ක්‍රියාත්මකයි. රුසියාවේ මෙම පියවර ඊට එකිනෙක කිරීමක් ලෙසයි සැළකෙන්නේ. කෙසේ නමුත් රුසියාවේ මෙම පියවර යුරෝපා සංගමයේ දැඩි විවේචනයට ලක්වුණා.