වෑන් රිය ගසක වැදී කාන්තාවක මරුට -9 කට තුවාල- 3කට බරපතලයි

Sunday, 31 May 2015 - 14:02

%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-9+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD-+3%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කුරුණෑගල - මහව - උඩුවේරිය ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. අද (31) අලූයම 4 ට පමණ අනුරාධපුරය - පදවිය ප්‍රදේශයේ සිට පැමිණි වෑන් රථයක් රියදුරාට නින්ද යාමෙන් අසල පිහිටි කුඹුක් ගසක වැදීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් මහව සහ අඹන්පොල රෝහල්වලට ඇතුලත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ තුන්දෙනෙකු කුරුණෑගල රෝහලට මාරුකර යවා තිබෙනවා. ඉන් එක් අයෙකු මේ වනවිට ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි කුරුණෑගල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.