බදුල්ලට මන්ත්‍රී ධුර දෙකක් අහිමිවුණේ ඇයි ?

Sunday, 31 May 2015 - 19:01

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F
2004 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීමේදී බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර දෙකක් අහිමිවීමට ඡන්ද දායකයින් අඩු වශයෙන් ලියාපදිංචිවීම බලපා ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

හෙටට යෙදී ඇති ඡන්ද හිමියන්ගේ දිනයට සමගාමීව මැතිවරණ දෙපාර්තමේන්තුව බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (31) මහියංගණය නගරයේදී පැවැත්වුණා. එහිදී අත්පත්‍රිරකා බෙදාදීම, වීථි නාට්‍ය මගින් ජනතාව දැනුවත් කිරීම, ආදී වැඩසටහන්ද ක්‍රියාත්මක වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම අවස්ථාවේදී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මෙම අදහස් පළ කළා.