එජාපයට අභියෝගයක්

Sunday, 31 May 2015 - 19:05

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
20 වන සංශෝධනය පිළිබඳ තම පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකරන ලෙස විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරනවා. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ 20 වන සංශෝධනය පිළිබදව එක්සත් ජාතික පක්ෂය දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

මනාප ක්‍රමයෙන් තොර වූ නව මැතිවරණ ක්‍රමයක අවශ්‍යතාවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය දිගුකලක් පුරා පෙන්වා දී තිබෙනවා. එසේම 19 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂය සහාය ලබාදුන්නේ 20 වන සංශෝධනය නොපමාව සංශෝධනය කිරීමට කටයුතු කරන බවට රජය ලබාදුන් පොරොන්දුව මතයි. එහෙත් එය උල්ලංගණය කරමින් 20 සම්මත නොකර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටින බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. එය පටු දේශපාලන වාසි වෙනුවෙන් ජනතා අභිලාෂයන් ඉවත දැමීමට කටයුතු කිරීමක් බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා අවධාරණය කරනවා.

දේශපාලන පළි ගැනීම්, පරිපාලන අවුල්, මහබැංකු බැඳුම්කර නිදහස් කිරීමේ ප්‍රෝඩාව, සංවර්ධනය ඇණ හිටීම වැනි කරුණු නිසා ජනතා උදහසට ලක්වී ඇති එක්සත් ජාතික පක්ෂය 20 වන සංශෝධනයෙන් බියට පත්ව ඇති බව විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සදහන්. මීට අදාළව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා සහ සභා නායකවරයා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් ද උපුටා දක්වන විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා 20 වන සංශෝධනය යථාර්ථයක් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය අඛණ්ඩව කැප වන බව අවධාරණය කරනවා. 


පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More

ඡන්ද විමසීම නිමා වීමට තවත් පැය 3යි - මධ්‍යහ්නය වනවිට වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගලින්
Wednesday, 05 August 2020 - 14:34

මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට තවත් පැය 3ක කාලයක් ඉතිරි... Read More

මහ මැතිවරණයේ පැෆ්රල් නිරීක්ෂණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 14:35

ඡන්ද විමසීමේ සමස්ත ක්‍රියාවලිය මේ වනවිට ප්‍රශස්ත මට්ටමකින්... Read More