තිබුන ලෙඩක් ආයෙත් සීග්‍රයෙන් පැතිරෙයි

Monday, 01 June 2015 - 12:44

%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් බෝවන ඇස් රෝගයක් පැතිරයමින් පවතින බව අක්ෂි විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඇය සඳහන් කළේ කොළඹ අක්ෂි රෝහලේ බාහිර රෝගී අංශය සඳහා යොමුවන රෝගීන්ගෙන් සියයට 40 ක් මෙම රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන බවයි.  

මේ අතර, වායුගෝලයේ තෙතමනය ඉහළ යාම නිසා දැනට පවතින අධික උෂ්ණත්වය ඉදිරි දින කිහිපය තුළ පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ නිරිත දිග මෝසම සක්‍රිය වන බැවින් පවතින උණුසුම් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි.