20 ගැන මන්ත්‍රී ඩිලාන්ගෙන් අභියෝගයක්

Tuesday, 02 June 2015 - 7:51

20+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
20 වන ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය විරුද්ධ නොමැති බව නිදහස් පක්ෂය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මේ බව ප්‍රකාශ කළේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ඊයේ (01) මාධ්‍ය හමුවක් කැදවමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව එම පක්ෂයේ මතය කුමක්දැයි සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලෙසයි. ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා විමසා සිටියේ 20 වන සංශෝධනයට සන්ධානයක් ලෙස ඇති කැමැත්ත කුමක් ද යන්නයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ඊට ප්‍රතිචාර දක්වමින් සදහන් කළේ ආණ්ඩුවට මෙය සම්මත කළ නොහැකි නම්, සම්මත කර පෙන්වීමට සූදානම් බවයි.