Update: කඩලවලට විරේක පෙති - විදුහල්පති රෝහලේ - සිසුන් හයදෙනෙකු පොලීසියේ

Tuesday, 02 June 2015 - 15:54

Update%3A+%E0%B6%9A%E0%B6%A9%E0%B6%BD%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+-+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
හබරණ - මොරගස්වැව විද්‍යාලයේ සංවිධානය කර තිබූ කඩල දන්සලකින් බෙදාදුන් කඩලවලට විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් බඩ විරේක ඖෂධ මිශ්‍ර කිරීම නිසා ඒවා ආහාරයට ගත් විදුහල්පතිවරයා ඇතුලූ 8 දෙනෙකු රෝහල් ගතකර තිබුණා. අනෙක් 7 දෙනා පාසලේ 10  සහ 11 වන ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුවියන්. මේ වනවිටත් සිසුවියක් හබරණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කඩල දන්සල සංවිධාන කර තිබුණේ විදුහල්පතිවරයා ඇතුලූ පාසල් සංවර්ධන සමිතියයි. විදුහල්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට අනුව විරේක පෙති කඩලවලට මිශ්‍රකළ බවට සැක කෙරෙන 10 වන ශ්‍රේණියේ සිසුන් 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පොසොන් පොහොය වෙනුවෙන් සංවිධාන කර තිබූ දන්සල් 8913 න් 6712 ක් තමන් පරීක්ෂා කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. එහිදී දන්සැල් 13 ක් තහනම් කළ බවයි  සංගමයේ සභාපති උපුල් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
Update: Tuesday, 02 June 2015 - 18:45
.........................................................................................

දන්සැලකින් කඩල කාලා විදුහල්පතිවරයා සහ සිසුන් රෝහලේ

හබරණ ප්‍රදේශයේ පාසලක ඊයේ පැවති කඩල දන්සැලකින් ලබාදුන් කඩල ආහාරයට ගැනීමෙන් එම පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරිය සහ සිසුවියන් දසදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. ඉන් සිසුවියන් දෙදෙනෙකු තවදුරටත් හබරණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 6 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.