Update: දකුණේ ධීවර ඇමතිගේ තර්ජනය ගැන විමර්ශන රහස් පොලීසියට

Wednesday, 03 June 2015 - 7:56

Update%3A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
දකුණු පළාත් ධීවර අමාත්‍ය ඞී.වී. උපුල්, තිස්සමහාරාමයේ පැවති රැස්වීමකදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිළිබඳ දැක්වූ තර්ජනාත්මක අදහස් පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ පරීක්ෂණ අවසන් වීමෙන් පසු අදාළ ප්‍රකාශයට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද සන්ධානය නියෝජනය කරන දකුණු පළාත් ධීවර අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළා. සන්ධාන මහලේකම්වරයා එහිදී කියා සිටියේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බවයි.

Update: Wednesday, 03 June 2015 - 07:04 PM
---------------------------------------------------
මම පොලීසියට තර්ජනය කළේ නැහැ - ඞී.වී. උපුල්

තමා පොලීසියට තර්ජනය නොකළ බව දකුණු පළාත් ධීවර ඇමති ඞී.වී. උපුල් පවසනවා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ගැන තමා සිදුකළා යැයි පැවසෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

තිස්සමහාරාම ප්‍රදේශයේ පසුගියදා පැවති රැස්වීමකදී දකුණු පළාත් ධීවර ඇමති ඞී.වී. උපුල් කියා සිටියේ යළිත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් පැමිණියහොත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පහළ නිලධාරියාගේ සිට ඉහළ නිලධාරියා දක්වා විමර්ශනයකට කැඳවා ගල් ගසා මරා දමන බවයි.

මොහුගේ මෙම ප්‍රකාශය පොලීසියට කළ තර්ජනයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඊයේ ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඒ පිළිබඳ දැනටමත් විමර්ශනයක් සිදුකරන බවයි.

කෙසේ වෙතත් තමන් පොලීසියට තර්ජනය නොකළ බවත් තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති රැස්වීමේදී තමන් කළ කථාව විකෘති කර දක්වා ඇති බවත් දකුණු පළාත් ධීවර ඇමති ඞී.වී. උපුල් පවසනවා. ඔහු කියා සිටියේ ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහාද මුහුණදීමට සූදානම් බවයි. තමා ප්‍රකාශ කළේ අරාබි රටක නම් මෙවැනි තත්ත්වයකදී ගල් ගසා මරා දමන බවයැයි ද දකුණු පළාත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.