තවත් දෙමළ සන්ධානයක්

Wednesday, 03 June 2015 - 19:43

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උතුරු - නැගෙනහිර හැර දිවයිනේ අනෙකුත් දෙමළ ජනතාව නියෝජනය කිරීම සඳහා අද (03) නව සන්ධානයක් ගොඩ නැගුණා. ඒ, දමිල ප්‍රගතිශීලී සන්ධානය නමින්. ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණේ කොළඹදියි. මෙම සන්ධානයට ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ සහ කඳුරට ජනතා පෙරමුණ ඇතුළත්. මෙහි නායකයා ලෙස කටයුතු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී  මනෝ ගනේෂන්. කම්කරු ජාතික පෙරමුණේ නායක, අමාත්‍ය පලනි දිගම්බරන් සහ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශයේ නායක, රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් එහි නියෝජ්‍ය නායකවරුන් ලෙස කටයුතු කරනවා.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මනෝ ගනේෂන් කියා සිටියේ කඳුකරයේ දෙමළ ජනතාවගේ ගැටළු පිළිබඳ හඬ නැගීමට මෙම සන්ධානය ගොඩනැගූ බවයි.