අතුරුදන් වී ඇතැයි බවට පැවසෙන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අයත් භාණ්ඩ තොගයක් ඉරානයේ සිට කොළඹ වරායට එවීමටත්, එම භාණ්ඩ වෙනත් පුද්ගලයෙකු වෙත පැවරීමටත් බලපත්‍රයක් සහතික කර දෙන ලෙස කළ ඉල්ලීම ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රතික්ෂේප කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
හිටපු තානාපතිවරයා ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොස් මෙම ඉල්ලීම කර ඇති බවත්, එවැන්නක් සහතික කළ නොහැකි බව ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඔහුට දැනුම් දී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහීෂනී කොලොන්නේ ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළා.
උදයංග වීරතුංගට යුක්රේන කැරළිකරුවන් හට අවි සැපයීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා එල්ල වී තිබෙනවා. එමෙන්ම තානාපති වරප්‍රසාද උපයෝගී කර ගනිමින් විවිධ ව්‍යාපාරවල නිරතවීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී ඇති අතර, මේ වන විට ඔහු අතුරුදන්වී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කළේ.