තවත් නි. අමාත්‍යවරු 5ක් අද දිවුරුම් දෙයි ?

Thursday, 04 June 2015 - 13:31

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92.+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%3F
තවත් නියෝජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ පස්වරුවේ දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළා. ඒ අනුව විජය දහනායක, වික්ටර් ඇන්තනි, එරික් වීරවර්ධන සහ ඩුලිප් විජේසේකර ඇතුළු 5 දෙනෙකු මෙලෙස නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දෙනු ඇති බවයි වාර්තා වන්නේ. මොවුන් 5 දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්. බොහෝදුරට මොවුන් අද (04) දිනය ඇතුළත දිවුරුම් දෙනු ඇති.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරයන්හි පසුගිය 29 වන දා දිවුරුම් දුන්නා.