තවත් මාරාන්තික රිය අනතුරක් - පියා සහ දියණිය මරුට

Thursday, 04 June 2015 - 14:54

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දඹුල්ල - කැකිරාව මාර්ගයේ බුලාගල ප්‍රදේශයේදී මුළු පවුලම ගමන්ගත් යතුරුපැදියක් නවතා තිබූ ලොරියක ගැටීමෙන් පියා සහ දියණියක් ජීවිතක්ෂයට පත්වුණා. අද (04) දහවල් 1.45 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් මියගියේ 47 හැවිරිදි පියෙකු සහ අට හැවිරිදි දියණියක්. බරපතල තුවාල ලැබූ 14 හැවිරිදි වැඩිමහල් දියණිය සහ 43 හැවිරිදි මව දඹුල්ල රෝහලට ඇතුළත් කළ අතර, පසුව මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. මොවුන් දඹුල්ල - නවගස්හින්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, යතුරුපැදියෙන් අනුරාධපුරයේ වන්දනාවේ ගොස් නිවෙස වෙත යළි පැමිණෙමින් සිටියදී අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ යතුරුපැදියේ අධික වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති බවටයි.





















ඡායාරූප - කාංචන ආරියදාස