රගර් ක්‍රීඩකයාගේ මරණ වාර්තා පරස්පරයි - අධිකරණය වාර්තා යළි ඉල්ලයි

Friday, 05 June 2015 - 7:42

%E0%B6%BB%E0%B6%9C%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-++%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන් අභිරහස් ලෙස මෝටර් රථය තුළ පිළිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තා යළිත් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (04) නියෝග කළා. පෙර වාර්තා සම්බන්ධයෙන් පැවති පරස්පර විරෝධීතාවය හේතුවෙනුයි  නියෝගය නිකුත් කර ඇත්තේ. 2012 වසරේ මැයි මස 17 වන දින නාරාහේන්පිට - පාර්ක් රෝඞ් - ශාලිකා ක්‍රීඩා පිටිය අසලදී මොහු මෝටර් රථයක් තුළ පිලිස්සී මියගොස් සිටියදී සොයා ගැනුණා.