තොන්ඩමන්ගේ යෝජනාවෙන් ව්‍යවස්ථාදායක සභාව තවත් අර්බුදයට

Friday, 05 June 2015 - 7:51

%E0%B6%AD%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ආරුමුගන් තොන්ඩමන් ඊයේ (04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ව්‍යවස්ථාදායක සභාවට ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයෙකු පත්කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. හිටපු අමාත්‍ය පී.පී.දේවරාජන් තම පක්ෂයෙන් යෝජනා කර ඇති අතර, ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහවද තමා විසින් දැනුවත් කරන බවයි.

ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයෙන් පත් කෙරෙන නියෝජිතයින් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පෙරේදා විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවනු ලැබුවා. එහෙත්, එහිදී එකඟතාවක් ඇති නොවීම හේතුවෙන් අදාළ සාමාජිකයන් පිළිබඳ තීරණයක් නොගෙන ලබන 9 වන දා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායක චමල් රාජපක්ෂට සිදුවුණා.

 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවනු ලබන ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයෙන් පත් කර ගැනෙන නියෝජිතයන් ලෙස විශ්‍රාමලත් විනිශ්චයකාර ඒ.ඩබ්ලිව්.ඒ.සලාම්, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ ආචාර්ය ඒ.ටී.ආරියරත්නගේ නම් යෝජනා වී තිබුණා.

පෙරේදා පාර්ලිමේන්තුව රැස්වූයේ ඔවුන් පිළිබඳ අවසන් තීරණයක් ගැනීමටයි. කෙසේ වෙතත්, විපක්ෂය ප්‍රකාශ කළේ අදාළ නම් යෝජනා කර ඇත්තේ තමන් සමඟ  පූර්ව සාකච්ඡාවලින් තොරව බවයි. මේ පිළිබඳව එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා කථානායකවරයා පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවා දීර්ඝ පක්ෂ නායක රැස්වීමක් පැවති නමුදු එකඟතාවකට පැමිණිමට හැකියාව ලැබුණේ නැහැ. පසුව තීරණය වුණේ සියලූ පක්ෂවල අදහස් ඉදිරි දින කිහිපය තුළ ලිඛිතව ලබා ගැනීමටයි.

මෙවැනි වාතාවරණයක් තුළ ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ආරුමුගන් තොන්ඩමන් ඉදිරිපත් කර ඇති නව යෝජනාව මගින් තත්ත්වය තවත් සංකීර්ණ වී තිබෙනවා. කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මනෝ ගනේෂන් පවසන්නේ ඇතමුන් දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් ව්‍යවස්ථාදායක සභාව කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවයි.