"තිරසර භාවිතය සුරකී මිහිතලය" - ජගත් පරිසර දිනය අද

Friday, 05 June 2015 - 8:22

%22%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%83%E0%B6%BB+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%22+-+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා. මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වනුයේ තිරසර භාවිතය සුරකී මිහිතලය යන්නයි. ඒ වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ මිනිසා සහ පරිසරය අතර පවත්නා අනෝන්‍ය සංහිඳියාව සහ සහජීවනය, මිහිතලය මත මිනිසාගේ පැවැත්ම ඇරඹුණු ඉතිහාසයේ සමාරම්භක අවදිය දක්වා දිවයන අසිරිමත් බැඳීමක් බවයි. සොබාදහමේ දරුවන් ලෙසින් අද දවසේ අපගේ යුතුකම සහ වගකීම වනුයේ පරිසරයට එරෙහි මානව ක්‍රියාකාරකම් වළක්වා ස්වභාවික උරුමයේ නිරිපද්‍රිත පැවැත්ම උදෙසා ඇපකැප වීම බවයි ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

 ජගත් පරිසර දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද නිවේදනයක් නිකුත් කළා. එමඟින් දක්වා ඇත්තේ තමන් අදහන දහම වෙනුවෙන් ජීවිතය වූවද දෙන්නට සූදානම් මිනිසුන් ඒ සෑම දහමකම ජීවය වූ සොබාදහම නොතකා හැරීම ඛේදවාචකයක් බවයි. පරිසර විනාශය මනුෂ්‍ය සංහතියේ අනිවාර්ය විනාශය බව දැන දැනම පරිසරය රැක ගන්නට පියවර නොගැනීම තරම් අසංවේදී බවක් තවත් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා. පරිසර හිතකාමී ජීවන රටාවකට යොමුවෙමින් ඒ පිළිබඳව මෙනෙහි කරන්නට, සංවාද කරන්නට සහ ක්‍රියාත්මක වන්නට මෙම දිනය සුවිශේෂී අවස්ථාවක් කරගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.