කුරුණෑගල පහරදීම් දෙකම එකම කණ්ඩායමකින්

Friday, 05 June 2015 - 19:33

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%B8+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
කුරුණෑගල නගරාධිපති අනුරාධ ගාමිණී පෙරමුණගේ සහ හිටපු ජනාධිපතිවරයාගේ මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ ප්‍රභාත් විමල් කුමාරගේ නිවෙස්වලට සිදුවූ පහරදීම්වලට එකම කණ්ඩායමක් සම්බන්ධ බව පොලීසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මේ වනවිට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවයි.

මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ ප්‍රභාත් විමල් කුමාරගේ නිවසට පහරදී තිබුණේ අද දහවල් කාලයේයි. කුරුණෑගල - අම්බලන්පිටියේ ප්‍රදේශයේ එම නිවස පිහිටා තිබෙනවා.   

කුරුණෑගල - ගැට්ටුවානේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කුරුණෑගල නගරාධිපති අනුරාධ ගාමිණී පෙරමුණගේ නිවසටද ඊයේ  රාත්‍රියේ ප්‍රහාරයක් එල්ලවුණා.