20ට එකඟ නැත්නම් පාර්ලිමේන්තුව වහා විසුරුවා හැරීමේ තීරණයක්

Saturday, 06 June 2015 - 8:08

20%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නොහැකි නම්, වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණයක් ගෙන ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. සිවිල් සංවිධාන නායකයින් සහ ක්‍රියාකාරිකයින්ගේ හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඊට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.

මෙම හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එක්ව සිටියා. එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සමානුපාතික ක්‍රමය ගැන පක්ෂ අතර තවමත් විවිධ මත පවතින බවයි.

මෙම අවස්ථාවට එක්ව සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ද 20 වන සංශෝධනය පිළිබඳ අදහස් පළ කළා.