ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, බංග්ලාදේශයට

Saturday, 06 June 2015 - 13:34

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%2C+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල චාරිකාවක් සඳහා බංග්ලාදේශයේ ඩකා නුවරට අද (06) පැමිණියා. ගුවන්තොටුපලේදී ඔහු පිළිගත්තේ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා විසින්. බංග්ලාදේශ සංචාරයට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉන්දු - බංග්ලාදේශ සබඳතා ශක්තිමත් කිරීම තුළින් දෙරටේ වැසියන් පමණක් නොව කලාපයටම ප්‍රතිලාභ අත්වන බවයි. අග්‍රාමාත්‍ය මෝදි සමඟ බටහිර බෙංගාලයේ මහඇමතිනි මම්තා බෙනර්ජි ද සංචාරයට එක්වනවා.

ඉන්දු - බංග්ලාදේශ දේශසීමා නිරවුල් කිරීමේ ගිවිසුමකට අත්සන් තැබීම ද මෙහිදී සිදු කිරීමට නියමිතයි. නරේන්ද්‍ර මෝදි සහ මම්තා බෙනර්ජි ගේ මෙන්ම, 1974 වසරේදී ඉන්දු - බංග්ලාදේශ ප්‍රථම දේශසීමා ගිවිසුමට ඉන්දිරා ගාන්ධි සහ බංග්ලාදේශයේ නිර්මාතෘ ෂෙයික් මුජිබර් රහමන් අත්සන් තැබූ ඡායාරූපය ඇතුළත් දැවැන්ත පුවරු ඩකා නුවර මෙන්ම, රටේ ප්‍රධාන නගරවල ඉදිකර තිබූ බව සඳහන්. කිලෝමීටර් 4096 ක් දිගැති ඉන්දු - බංග්ලාදේශ දේශසීමාවේ ගැටලූ වසර 41 ක් තිස්සේ පවතින ඒවායි.