කාමාතුරයන්ට 14 හැවිරිදි තම දියණිය මුදලට විකිණූ මවක්

Sunday, 07 June 2015 - 16:24

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+14+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AD%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%96+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
වයස අවුරුදු 14 ක් වූ තම දියණිය මුදලට විකිණූ මවක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර - මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි අදාළ කාන්තාව අවස්ථා කිහිපයකදී තම දියණිය විවිධ පුද්ගලයින්ට අලෙවි කර ඇති බවයි දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

පසුගිය දිනවල කළුතර ප්‍රදේශයේ පාසල් රැසක ළමා අපයෝජන සම්බන්ධයෙන් සිසු සිසුවියන් දැනුවත් කිරීම සඳහා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. එහිදී මෙම පැමිණිල්ල දැරිය විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඇයගේ මව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමට මහජනතාව පියවර ගත යුතු බවයි.