Update : සෙම්බුවත්තේ අනතුරින් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළට - 13 ක් රෝහලේ

Sunday, 07 June 2015 - 17:08

Update+%3A+%E0%B7%83%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+6+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-++13+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
මාතලේ - ඇල්කඩුව මාර්ගයේ සෙම්බුවත්ත ප්‍රදේශයේදී වෑන් රථයක් අඩි 150 ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඊයේ සිදුවූ රිය අනතුරින් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලබා මහනුවර සහ පේරාදෙණිය රෝහල් වෙත ඇතුළත් කෙරුණු කුඩා දරුවන් දෙදෙනාද ඊයේ රාත්‍රියේ මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔවුන් වයස අවුරුදු 5 සහ 8 වයසේ පසුවන්නන්.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූ තවත් 13 දෙනෙකු මාතලේ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි එහි වෛද්‍ය අධිකාරී අරුණ වික්‍රම හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.  
මාතලේ - ඇල්කඩුව මාර්ගයේ සෙම්බුවත්ත ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් ඊයේ පස්වරුවේ පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු තුවාල ලැබුවා.

විනෝද චාරිකාවකට එක්ව සිටි මාතර - කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකුයි මෙලෙස අනතුරට ලක්වුණේ. මිය ගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු, රථයේ රියදුරා ද ඇතුලූව පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු, ද වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වෑන් රථයේ වේගය පාලනය කරගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මේ අතර, අනුරාධපුර - කුරුණෑගල මාර්ගයේ - ආලන්කුලම ප්‍රදේශයේදී බවුසරයක්, අත් ට්‍රැක්ටරයක පිටුපස ගැටී ඊයේ අලූයම සිදුවූ අනතුරකින් ද අත් ට්‍රැක්ටරයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එහිදී තවත් දසදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

එමෙන්ම පෙරේදා දිනය තුළ ද දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇහැලියගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පෙරලීගොස් බස් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර අනතුරින් තුවාල වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද ප්‍රතිකාර සඳහා ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කෙරුණා. එමෙන්ම  තිස්සමහාරාම - හම්බන්තොට මාර්ගයේ වීරවිල ප්‍රදේශයේදී පෙරේදා උදෑසන ලොරි රථයක, යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් ද පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.



Update : Monday, 08 June 2015 - 7:55
-------------------------------------------------------
තවත් විපතක් - කාන්තාවන් දෙදෙනක් ඇතුළු 4ක් මරුට


මාතලේ - ඇල්කඩුව මාර්ගයේ සෙම්බුවත්ත ප්‍රදේශයේදී අද (07) පස්වරුවේ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් මේ වන විට මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබන අතර බරපතල තත්ත්වයේ පසුවූ කුඩා දරුවන් දෙදෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගත් බවයි මාතලේ දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය අධිකාරී අරුණ වික්‍රම ප්‍රකාශ කළේ.

විනෝද චාරිකාවකට එක්ව සිටි මාතර - කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. මිය ගිය හතර දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ඉන් එක් අයෙක් වෑන් රථයේ රියදුරායි.                

මේ අතර, අනුරාධපුර - කුරුණෑගල මාර්ගයේ - ආලන්කුලම ප්‍රදේශයේදී බවුසරයක්, අත් ට්‍රැක්ටරයක පිටුපස ගැටී අද අලූයම සිදුවූ අනතුරකින් ද අත් ට්‍රැක්ටරයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.  එහිදී තවත් දසදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

ඊයේ දිනය තුළ ද දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඊයේ අලූයම රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇහැලියගොඩ ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් පෙරලීගොස් බස් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර අනතුරින් තුවාල වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද ප්‍රතිකාර සඳහා ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කෙරුණා. එමෙන්ම  තිස්සමහාරාම - හම්බන්තොට මාර්ගයේ වීරවිල ප්‍රදේශයේදී ඊයේ උදෑසන ලොරි රථයක, යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් ද පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.