ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා යළි කැදවයි

Sunday, 07 June 2015 - 18:49

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් සේවය කළ සුදර්ශන සෙනෙවිරත්න යළි කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

දේශපාලන පදනමක් මත පසුගිය රජය මගින් පත් කර තිබූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 50 දෙනෙකු යළි කැදවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය මීට පෙර කටයුතු කළා. ඔවුන්ගේ නම් ලැයිස්තුව ද ප්‍රකාශයට පත් කෙරුණු අතර ඊට තානාපතිවරුන් 27 දෙනෙකු ද ඇතුළත්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ ආචාර්ය පාලිත කොහොන, අද්මිරාල් තිසර සමරසිංහ, ජනරාල් ශාන්ත කෝ්ට්ටේගොඩ, එයාර් කොමදෝරු ජයලත් වීරක්කොඩි, සරත් කෝන්ගහගේ සහ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ද ඒ අතර වනවා.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ද දේශපාලන පදනමක් මත පසුගිය රජය මගින් පත් කර තිබූ බවයි. මේ හේතුව නිසා ඔහු ද යළි කැඳවීමට තීරණය කළ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා ද සහය ලබාදෙන බව රුසියානු රජය ප්‍රකාශ කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

උදයංග වීරතුංගට යුක්රේන කැරළිකරුවන් හට අවි සැපයීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. එමෙන්ම තානාපති වරප්‍රසාද උපයෝගී කර ගනිමින් විවිධ ව්‍යාපාරවල නිරතවීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් කලක් අතුරුදන් වී ඇති බවට වාර්තාවූ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පසුගියදා ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඔහු ටෙහෙරාන් තානාපති කාර්යාලයට පැමිණ ඇත්තේ තමන්ට අයත්  භාණ්ඩ තොගයක් ඉරානයේ සිට කොළඹ වරායට එවීමට සහ ඒවා වෙනත් පුද්ගලයෙකු වෙත පැවරීම සඳහා බලපත්‍රයක් සහතික කරගැනීමටයි. කෙසේ නමුත් අදාළ ඉල්ලීම ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.


පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More

පානදුර බෙක්කේගම ඡන්දපොලේ දී සිදුවූ මරණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 16:23

පානදුර බෙක්කේගම ඡන්දපොළ භුමියේදී අද (05) පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ... Read More

පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More