යේමනයේ ගුවන් ප්‍රහාරවලින් 44 ක් මරුට

Monday, 08 June 2015 - 8:41

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+44+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
යේමනයේ ක්‍රියාත්මක හවුති කැරළිකරුවන් ඉලක්ක කර සෞදි අරාබි ගුවන් හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් කැරළිකරුවන් ඇතුලූ 44 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම ප්‍රහාරවලින් තවත් 100 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. පසුගිය සති දෙකක කාලසීමාව තුළ හවුති කැරළිකරුවන් සහ යේමන් රජයේ හමුදා අතර ඇතිවූ ගැටුම්වලින් 2000 ක් පමණ මියගොස් ඇති බව සඳහන්.