අවිනීතකමින් රට මුදාගැනීමට නීතිය තදින් ක්‍රියාත්මක කරනවා - ජනපති කියයි

Monday, 08 June 2015 - 9:01

%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මත්ද්‍රව්‍ය සමඟ සමාජය වෙලා ගත් දුරාචාරයෙන් සහ අවිනීතකමින් රට මුදා ගැනීමට නීතිය වඩා තදින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. යහපත් රටක් ගොඩනැගීමට ආගමික මඟ පෙන්වීම සේම රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මකවීම වැදගත් බවයි වාද්දූව - සුභද්‍රාරාම මිහිදු පිරිවෙනේ දෙමහල් විහාර මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා.