Update: 20ට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

Monday, 08 June 2015 - 14:29

Update%3A+20%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
20 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩලය වෙත ඊයේ (08) ඉදිරිපත් කළ යෝජනාවලියට එහි අනුමැතිය හිමිවී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා එහිදී යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 225ක් ලෙස නොවෙනස්ව තබා ගැනීමටයි.

එහෙත් ඉන් ආසන 125ක් කොට්ඨාශ ක්‍රමයටත්, 75ක් සමානුපාතික නියෝජන ක්‍රමයටත්, වෙන් කෙරෙනවා. ආසන 25ක් ජාතික ලැයිස්තුවෙන් නම් කිරීමටයි අග්‍රාමාත්‍යවරයා යෝජනා කළේ. මීට අදාළ කෙටුම්පත දින 4කින් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟ වූ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

Update: Monday, 08 June 2015 - 21:31
-----------------------------------------------

20 ගැන තීරණය ගන්න ඇමති මණ්ඩලය අද රැස්වෙයි

නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය අද (08) පස්වරුවේ රැස්වනවා. 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පමණක් සාකච්ඡා කිරීමට කැදවා ඇති මෙම රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

නව මැතිවරණ ක්‍රමය යටතේ ස්ථාපනය කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව සහ මැතිවරණ කොට්ඨාශ සංඛ්‍යාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය මෙහිදී අවසන් තීරණයකට පැමිණෙනු ඇති බවයි නව මැතිවරණ ක්‍රමය සකස් කළ කමිටුවේ සාමාජික අශෝක අබේගුණවර්ධන සදහන් කළේ.

Update: Monday, 08 June 2015 - 19:31
-----------------------------------------------
විස්ස සම්මත කිරීමට සහය දෙනවා - වමේ පක්ෂ

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා වමේ පක්ෂ සහාය දීමට සූදානම් බව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු අමාත්‍ය තිස්ස විතාරණ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර ද එක්ව සිටියා.  

එම මාධ්‍ය හමුවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ ජීවමාන ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කිරීමට මන්ත්‍රී ආසන සංඛ්‍යාව 255 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවයි.