සීගිරි කාශ්‍යප රජුගේ ඔටුන්න හොයන්න ගිය 7කට වෙච්ච දෙයක්

Tuesday, 09 June 2015 - 8:05

%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B4+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%94%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+7%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සීගිරි කාශ්‍යප රජුගේ ඔටුන්න ඇතැයි සැලකෙන ගලකොටුව රක්ෂිතයේ නිධන් හැරීමට ගිය සැකකරුවන් 7 දෙනෙකු පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත්තා. ඔවුන් ළඟ තිබී දුරදක්නයක්, මාළිමා යන්ත්‍රයක් සහ උත්තල කාචයක් ද සොයා ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරුවන් වත්තල, වීරකැටිය, කඩවත සහ දඹුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේ.