ලබන වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය හෙට

Tuesday, 09 June 2015 - 12:38

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
ලබන වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ චක්‍රලේඛනය හෙට (10) ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම චක්‍රලේඛයේ දැක්වෙන ළමයින් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයට අදාළ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළා.

කෙසේ නමුත් මේ වසරේ දී අදාළ ක්‍රමවේදයේ වෙනසක් සිදුකර නොමැති බවයි විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. පසුගිය වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීම සඳහා නිකුත් කළ  චක්‍රලේඛය මේ වසරේ දී අධ්‍යාපන අමාත්‍යාංශය සංශෝධනය කර තිබෙනවා. එහෙත් විෂයභාර අමාත්‍යවරයා කියා සිටියේ එම සංශෝධිත චක්‍රලේඛය මෙවර ඉදිරිපත් නොකරන බවයි.