ලිදුල - බඹරකැළේ ගින්නකින් වතු නිවාස 26කට හානි

Tuesday, 09 June 2015 - 12:47

%E0%B6%BD%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD+-+%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+26%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
තලවකැලේ - ලිදුල - බඹරකැලේ වතුයායේ නිවාස 26ක් හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් විනාශ වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද (09) පෙරවරු 9යි 30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර එම නිවාසවල සිටි පවුල් 28කට අයත් පුද්ලයන් 140 දෙනෙකු තාවකාලිකව වෙනත් ප්‍රදේශවලට යොමු කර ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලිසිය සැක පළ කරනවා.

මේ අතර මස්කෙලිය - ගවරවිල වතුයායේ නිවාස දෙකක් ද අද අළුයම හදිසි ගින්නකින්  විනාශ වුණා.