ගණකාධිකාරීවරියක් කළ කෝටි 5ක වැඩේ මාට්ටු

Wednesday, 10 June 2015 - 7:43

%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+5%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 5ක වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් ගුවන් තොටුපළ රේගුව අද (10) අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් මෙම රත්‍රං තොගය රැගෙනවිත් ඇත්තේ වෘත්තීයෙන් ගණකාධිකාරීවරියක වන 31 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. කිලෝග්‍රෑම් 10ක් බරැති මෙම රත්‍රං තොගය සිය යට ඇඳුමේ සඟවාගෙන රැගෙන විත් ඇති බවයි ගුවන්තොටුපල රේගුව සදහන් කළේ. අත්අඩංගුවට ගත් කාන්තාව සම්බන්ධයෙන් ගුවන් තොටුපළ රේගුව තවදුරටත් පරීක්ෂණ සිදුකරනවා.