වටගොඩ දුම්රිය අනතුරට හේතුව නියාමකයෙකු හෙළි කරයි

Wednesday, 10 June 2015 - 7:53

%E0%B7%80%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
තලවකැළේ - වටගොඩ දුම්රිය ස්ථානයේදී සිදුවූ අනතුරට හේතුව වැරදි සංඥා ලබාදීමක් බව අනතුරට පත් එක් දුම්රියක නියාමකවරයෙකු පවසනවා. කෙසේ වෙතත්, දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ. රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම දුම්රිය අනතුර සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

උඩරට දුම්රිය මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් තලවකැළේ - වටගොඩ දුම්රිය ස්ථානයේ නවතා තිබූ තවත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටුණේ ඊයේ පස්වරු 6ට පමණයි. නාවලපිටියේ සිට හපුතලේ දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් බදුල්ලේ සිට මහනුවර දක්වා ධාවනය වීම සදහා මෙම දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියකයි ගැටී ඇත්තේ. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ඊයේ බාධා එල්ල වූ අතර දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ මේ වන විට එම බාධා ඉවත් කර ඇති බවයි.  

දුම්රිය අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය දෙකේම නියාමකවරු ඉන් පැන දිවි බේරාගෙන තිබෙනවා. කෙසේ වෙතත්, මෙම අනතුර පිළිබදව මාධ්‍යයට අදහස් දැක්වූ නාවලපිටියේ සිට හපුතලේ දක්වා ධාවනය වූ දුම්රියේ නියාමක සදහන්කළේ වටගොඩ දුම්රිය ස්ථානය ලබාදුන් වැරදි සංඥාවක් හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවයි.