මේ තියෙන්නේ වරමක් නැති ආණ්ඩුවක් - හිටපු ජනපති

Wednesday, 10 June 2015 - 8:27

%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
විවිධ ක්‍ෂේත්‍රවල රැකියාවන් හි නිරත වූ ලක්ෂ 15 කට අධික පිරිසකට අද වනවිට රැකියා අහිමිවී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. පොළොන්නරුව - බකමූණ ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (09) පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මේ වන විට සංවර්ධන ව්‍යාපෘති සියල්ලම ඇණහිට ඇති බවයි. තමන් බෝධි පූජා පවත්වනවාට ඇතැම් පුද්ගලයින් අකමැති ද බිය ද යන්න පිළිබද ගැටළුවක් පවතින බවයි හිටපු ජනාධිපතිවරයා සිටියා. වරමක් නැති ආණ්ඩුවක් ගෙන යන වැඩපිළිවෙල නතර කිරීමට කාලය එළඹ ඇතැයි ඔහු තවදුරටත් සදහන් කළා.