පොලීසියේ 1300ක් එහාට මෙහාට වෙයි

Wednesday, 10 June 2015 - 8:50

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+1300%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%84%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පොලිස් නිලධාරීන් 1300කට ආසන්න පිරිසකට අද සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. සේවා අවශ්‍යතා මත සහ පොලිස් නිලධාරීන් සිදුකරන ලද අභියාචනාවලට අනුවයි මෙම අර්ධ වාර්ෂික ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ. ඒ අනුව පොලිස් කොස්තාපල්, සැරයන්, උප පොලිස් පරික්ෂක සහ පොලිස් පරීක්ෂකවරුන් සඳහා මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.