බැසිල් යළි රිමාන්ඩ්

Wednesday, 10 June 2015 - 10:19

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඇතුළු සිව් දෙනා මේ මස 18 වන දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ, කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල හමුවේ මෙම නඩුව අද (10) කැදවූ අවස්ථාවේදියි. හිටපු ඇමතිවරයාට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්.කේ.කේ.ඒ රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි ද යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ පාරිතෝෂිත මුදල් අක්‍රමිකතා, පසුගිය ජනාධිපතිවරණය සඳහා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වැය කිරීම, සමුළුවක් සඳහා රුපියල් මිලියන 70ක මුදලක් වැය කිරීම ඇතුළු මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් මොවුන්ට විරුද්ධව එල්ල වී ඇති චෝදනායි. අදාළ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනුණේ පසුගිය අප්‍රේල් මස 22 වැනිදායි.

සැකකාර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති ඇප අයඳුම්පත්‍රය ලබන සඳුදා යළි සලකා බැලෙන බවයි ඔහුගේ නීතිඥවරුන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. එමෙන්ම දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින අනෙකුත් තුන්දෙනාගේ ඇප අයදුම්පත් කොළඹ මහාධිකරණයේදී හෙට සලකා බැලෙනු ඇති.

මේ අතර, පසුගිය දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දකුණු පළාත් සභා අමාත්‍ය ඞී.වී. උපුල් අද යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලිස් නිලධාරීන් බිය වැද්දීම, රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ විදේශ ගමන් බලපත්‍රයේ දෝෂ මොහුට එල්ල වී ඇති චෝදනායි.