මහින්ද ඉල්ලන මාතර රැළියට පා.ම. 75ක්

Wednesday, 10 June 2015 - 12:38

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F.%E0%B6%B8.+75%E0%B6%9A%E0%B7%8A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා බවට පත් කළ යුතු බවට බල කෙරෙන මාතර ජන රැළියට විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 75 දෙනෙකු එක්වන බව අද (10) ප්‍රකාශ වුණා.



අනිද්දා පැවැත්වෙන මාතර රැළිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා දකුණු පළාත් සභා සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන්  මාතර - නූපේ සන්ධාන බල මණ්ඩල කාර්යාලයේ දී  පැවැති මාධ්‍ය හමුවකට එක්වූ දකුණු පළාත් ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය වීරසුමන වීරසිංහ සඳහන් කළේ මෙම රැළිය මගින් ජාත්‍යන්තරයට ද පණිවුඩයක් ලබාදීමට සූදානම් බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා දකුණු පළාත් සභාවේ සභාපති ජේ.ඒ. සෝමවංශ, නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ, පූජ්‍ය බද්දේගම සමිත හිමියන්, කාංචන විජේසේකර සහ ගීතා කුමාරසිංහ යන පළාත් මන්ත්‍රීවරුන් එක්ව සිටියා.