ඉස්සර සුදු කොඩි - දැන් කළු කොඩි

Wednesday, 10 June 2015 - 19:50

%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BB+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A++%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92
මෝඩකම් කිරීමෙන් වළකින ලෙස තම ආධාරකරුවන්ට දැනුම් දෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (10) පොළොන්නරුවේ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලීමක් කළා. ඒ, ඊයේ හිටපු ජනාධිපතිවරයා පැමිණීමට නියමිතව තිබූ පොළොන්නරුව - ඉසිපතනාරාම විහාරස්ථානය අසල කළු කොඩි එසවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිහිපත් කරමින්. එහිදී පළවූ විරෝධය නිසා එම විහාරස්ථානය ආසන්නයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී හිටපු ජනාධිපතිවරයා ජනතාව ඇමතූ බවයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරක රොහාන් වැලිවිට හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

 කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අදත් පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක සංවිධානය කර තිබූ ආගමික වැඩසටහන් කිහිපයකට එක්වුණා. වැලිකන්ද - සුදර්ශනාරාමය, මනම්පිටිය - බෝධිරුක්ඛාරාමය, මින්නේරිය - සුමංගලාරාමය සහ මැදිරිගිරිය - පශ්චිමාරාමය යන විහාරස්ථානවලයි ඒවා සංවිධානය කර තිබුණේ.

මින්නේරිය - සුමංගලාරාමයේ හිටපු ජනාධිපතිවරයාට සෙත්පතා  පැවැත්වීමට නියමිතව තිබූ බෝධි පූජා පිංකමට ද විවිධ බලපෑම් එල්ල වී ඇති බව එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු ප්‍රකාශ කළා. අනතුරුව සංවිධායකයින් තීරණය කර තිබුනේ බෝධි පූජාව පැවැත්වීමෙන් පසු ජනතාව ඇමතීමේ කටයුතු වෙනත් ස්ථානයක පැවැත්වීමටයි. ප්‍රදේශයේ කළු කොඩි එසවීමේ සූදානමක් පවතින බවට ලද තොරතුරු අනුව විශේෂ පොලිස් ආරක්ෂාවක්ද මෙම ස්ථානයට යොදවා තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා.  

 එම උත්සවයට පෙර වැලිකන්ද සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනෙන් පසු අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ සුදු කොඩි එසවූ පිරිස් දැන් තමාට එරෙහිව කළු කොඩි ඔසවන බවයි.