Update: විදේශගත ලාංකිකයන් එක් ඩයස්පෝරාවක් ලෙස කටයුතු කළ යුතුයි - මංගල

Thursday, 11 June 2015 - 10:07

Update%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9C%E0%B6%AD++%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD
විදේශගත ලාංකිකයන් එක් ඩයස්පෝරාවක් ලෙස කටයුතු කළ යුතු බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු කියා සිටියේ ලක්ෂ 15 ක පමණ ලාංකිකයන් පිරිසක් විදේශගතව ජීවත්වන බවයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ද්විත්ව පුරවැසි සහතික පත් පිරිනැමීමේ උත්සවයකට එම අමාත්‍යාංශයේදී අද (11) එක්වෙමින්. සත්‍යවශයෙන්ම මෙම පුද්ගලයින් ශ්‍රී ලාංකිකයින් වන අතර මෙරට අනන්‍යතාව ජාත්‍යන්තරය වෙත ගෙනයාමේදී ඔවුන් විශාල මෙහෙයක් ඉටු කරන බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ. රටක් ලෙස ඉදිරියට යාමේදී ඩයස්පෝරාවේ සහය අවශ්‍යයි. සිංහල, දෙමළ මුස්ලිම්, වැසියන් ඩයස්පෝරාව ලෙස නොබෙදී එකම ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලෙස කටයුතු කළහොත් රට වෙනුවෙන් බොහෝදේ කළ හැකි බවද ඔහු මෙහිදී අවධාරණය කළා.

මේ අතර  විදේශ කටයුතු අමාත්‍යවරයා ලන්ඩනයේදී දෙමළ ඩයස් පෝරාව සමඟ සාකච්ඡා සිදුකිරීම යහපත් ක්‍රියාවක් බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Update : Thursday, 11 June 2015 - 13:53
--------------------------------------------------

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඩයස්පෝරා උත්සවයක්

මේ වසර අවසානයේදී ඩයස්පෝරා උත්සවයක් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිණී කොලොන්න   සඳහන් කළේ රටේ සංවර්ධනයට දායක වන ඩයස්පෝරා දිරිමත් කිරීම සඳහා මෙම උත්සවය පැවැත්වීමට කටයුතු කරන බවයි.

ලබන සැප්තැම්බර් මාසය වනවිට නව රජයක් ස්ථාපිත කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් වෙත දැනුම්දී තිබෙනවා. පසුගියදා ජගත් මහ ලේකම්වරයා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයේදී ජනාධිපතිවරයා මෙම දැනුම්දීම සිදුකළ බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය ඒ.පී.ජේ. අබ්දුල් කලාම් මේ මස 26 සහ 27 මෙරට පැවැත්වෙන බලශක්ති සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට නියමිත බවද ඇය එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළා.


පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More

ඡන්ද විමසීම නිමා වීමට තවත් පැය 3යි - මධ්‍යහ්නය වනවිට වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගලින්
Wednesday, 05 August 2020 - 14:34

මහමැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමට තවත් පැය 3ක කාලයක් ඉතිරි... Read More

මහ මැතිවරණයේ පැෆ්රල් නිරීක්ෂණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 14:35

ඡන්ද විමසීමේ සමස්ත ක්‍රියාවලිය මේ වනවිට ප්‍රශස්ත මට්ටමකින්... Read More