පැහැරගත් දරුවා බේරාගැනීමට පියෙකුගෙන් ලක්ෂ 10 ක කප්පමක්

Thursday, 11 June 2015 - 15:16

%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+10+%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
වයස අවුරුදු 5 ක පිරිමි දරුවෙකු ඊයේ (10) දහවල් වව්නියාව ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඔහුගේ පියාගෙන් රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ලබාගැනීමෙන් පසු නිදහස් කර තිබෙනවා. දරුවා සිය මව සමඟ ඉස්ලාම් දේවස්ථානයට දහම් පාසල් සඳහා සහභාගිවීමට නිවසෙන් පිටව යන මොහොතේදී මෙලෙස දරුවා පැහැරගෙන ගොස් ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. එම පැහැර ගැනීමෙන් පසු දරුවාගේ පියාට දුරකතනයෙන් අමතමින් පැහැරගත් පුද්ගලයින් දරුවා ලබාදීමට රුපියල් ලක්ෂ 30 ක කප්පමක් මුලින් ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත්, එය පසුව රුපියල් ලක්ෂ 10 ක් දක්වා අඩුකර ගැනීමට දෙපාර්ශවය එකඟ වී ඇති බව සඳහන්.

පසුව වව්නියාව - යාල් අයිස්ක්‍රීම් පාර ප්‍රදේශයේදී පියා විසින් රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදල ගෙවා දරුවා නිදහස් කරගෙන තිබෙනවා. ඉන් අනතුරුවයි ඔහු ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වව්නියාව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.