TNA විස්සට අකමැතියි

Thursday, 11 June 2015 - 18:53

TNA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92
පසුගියදා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට තම පක්ෂය එකඟ නොවන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එම පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවී ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර, කොළඹ අද (11) පැවති මාධ්‍ය හමු කිහිපයකදී 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ජනතා විමුක්ති පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වු එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කතාබහක් ඇතිවූවත්, එහි අන්තර්ගතය පිළිබඳව තම පක්ෂය මේ දක්වා දැනුවත් වී නොමැති බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවැත් වූ මාධ්‍ය හමුවේදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තම පක්ෂය විරෝධය පළ කරන බව එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළා.

පසුගියදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 225 ක් සහිත නව මැතිවරණ ක්‍රමයකටයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට සංශෝධන එක්කරන බව එම පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා කොළඹ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.