මාතර රැළියට සම්බන්ධයක් නැති බවට සුසිල් කීවත් සන්ධානයේ නායකයන් සහභාගි වන බව මහින්ද යාපා කියයි

Friday, 12 June 2015 - 7:51

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%93%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%92+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස බල කරමින් මාතර අද (12) පැවැත්වෙන රැළියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිදු මැදිහත්වීමක් නොමැති බව සන්ධාන මහ ලේකම් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ඊයේ දිනයේදී මෙම රැළිය සම්බන්ධයෙන් පුවත්පත්වල පළ වූ දැන්වීම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුදැනුමකින් තොරව පළ වූ ඒවා බවයි.

කෙසේ නමුත්, මාතර දිස්ත්‍රික්කයේ නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේ සන්ධානයේ සියලූ පක්ෂවල නියෝජිතයන් සහ නායකයන් අද රැස්වීමට සහභාගි වන බවයි. එමෙන්ම, රැස්වීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ ජාතික පුවත්පත්වල දැන්වීමක් පළ කළේ සන්ධානයේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලයේ අනුමැතිය සහිතව බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.