ළමා මෙහෙකාර සේවය පිටුදකිමු -අගමැති

Friday, 12 June 2015 - 9:12

%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%94+-%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
ළමා මෙහෙකාර සේවයට එරෙහිව හඬ නගන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් පෙන්වා දීම සතුටට කරුණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. වයස අවුරුදු 12 ට අඩු ළමයින් මෙහෙකාර සේවයට හෝ කම්කරු සේවයට යොදා නොගැනීමට 2010 වසරේ සිට එකඟත්වයක් ඇති වී තිබෙනවා. එමෙන්ම, අවුරුදු 12 ත් 18 ත් අතර ළමයින් අන්තරාදායක කර්මාන්තයට යොදා ගැනීම නීතිවිරෝධී කරුණක්. ළමා මට්ටමට දැරිය නොහැකි ලෙස දරුවන් හිංසාකාරි ලෙස කුමන හෝ කටයුත්තක යෙදවීම බරපතල වරදක් බවයි ළමා මෙහෙකාර සේවය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ.