Update: පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 225 සිට 237 දක්වා ඉහළට - කොට්ඨාශ 160, 145ක් වෙයි

Friday, 12 June 2015 - 13:04

Update%3A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+225+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+237+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81+160%2C+145%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව මැතිවරණ ක්‍රමය ඇතුළත් විසිවන සංශෝධනයට අද (12) රැස්වූ අමාත්‍ය මණ්ඩලය සිය අවසාන අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව මනාප ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි වන අතර, මන්ත්‍රී ධුර සංඛ්‍යාව දෙසිය විසි පහේ සිට 237 දක්වා ඉහළ යනු ඇති. මෙහිදී දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය යටතේ මන්ත්‍රීවරු 200 ක් තෝරා ගන්නා අතර, ඉතිරි 37 ජාතික ලැයිස්තුවෙන් පත් වනවා. එම මන්ත්‍රී ධුර 200 න් 145 ක් කොට්ඨාස සඳහා තෝරා ගැනීමට නියමිතයි. ඉතිරි 55 සමානුපාතික නියෝජනය අනුව පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇති.

එහෙත් මෙහිදී මෙතෙක් පැවති 160 ක් වූ මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 145 දක්වා අඩු වීම සහ 29 ක් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 37 දක්වා ඉහළ යාම විශේෂත්වයක් ලෙස සැලකිය හැකියි.

කෙසේ වෙතත්, සමස්ත රටම මැතිවරණ කොට්ඨාස 145 කට බෙදා, එම එක් එක් ආසන ජයග්‍රහණය කළ පක්ෂයන්හි එම ආසන අපේක්ෂකයා ස්ථිරවම පාර්ලිමේන්තුවට තේරී පත්වීම, කැපී පෙනෙන ලක්ෂණයක්. එමෙන්ම, ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 37 ක් වූවද, එයින් අඩු වී දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය යටතේ තේරී පත්වන්නන්ට එයින් මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිවීමේ අවස්ථාවන්ද නව ක්‍රමය යටතේ ස්ථාපිත කර තිබෙනවා.

කෙසේ වෙතත්, මීට පෙර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ මන්ත්‍රී ධුර 255 කින් යුත් සංශෝධනයත්, අද අනුමත කළ නව සංශෝධනයත් අතර ඇත්තේ ඉලක්කම් වෙනසක් පමණයි. කලින් සංශෝධනය සකස් කළ කමිටුවේ සාමාජිකයෙකු වූ අශෝක අබේගුණවර්ධන, නව සංශෝධනයෙන් මන්ත්‍රීවරුන් පත්වන ආකාරය පැහැදිලි කළා. ඔහු කියා සිටියේ කොට්ඨාශ ක්‍රමයට නියත වශයෙන් මන්ත්‍රීවරුන් 145ක් ජයග්‍රහණ අනුව තේරී පත්වන බවයි. කෙසේ වෙතත්, ලබා ගන්නා සමස්ත ඡන්ද ප්‍රමාණය අනුව කොට්ඨාශ ජයග්‍රහණය කළ නොහැකි පක්ෂවලට ද සමානුපාතික ක්‍රමය යටතේ මන්ත්‍රී ධුර කිහිපයක් හිමිවීම විශේෂත්වයක්. කෙසේ වෙතත්, මැතිවරණ ක්‍රමය සංශෝධනයේදී කොට්ඨාස සංඛ්‍යාව 160 සිට 145 දක්වා අඩුවීම සම්බන්ධයෙන් ඔහුට පවතින්නේ විවේචනයක්. මෙමගින් ඇතැම් ජන කොට්ඨාශවලට යම් අසාධාරණයක් සිදුවිය හැකි බවයි ඔහු අවධාරණය කළේ.   



Update: Friday, 12 June 2015 - 19:25
-----------------------------------------------
මන්ත්‍රීවරුන් 237 කින් සමන්විත 20 ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 237 කින් සමන්විත 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. අද උදෑසන (12) රැස්වූ අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්. ඒ අනුව, එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවසන් අනුමැතිය ලබාගැනීම සඳහායි අද මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැඳවා තිබුණේ.

අද අනුමැතිය ලබාදුන් අවසන් යෝජනාවට පාර්ලිමේන්තු ආසන 237 ක්  ඇතුළත් වන අතර ඉන් මන්ත්‍රීවරුන් 145 දෙනෙකු කොට්ඨාශ ක්‍රමයට පත් කර ගන්නා බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.