මහින්ද මාතර රැළිය නරඹයි

Friday, 12 June 2015 - 19:23

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
මහින්ද සමඟ නැගිටිමු - මහින්ද සුළඟ, නිල්වලා සටන යන තේමාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා කළ යුතු බවට ප්‍රකාශ කරන 05 වන ජනරැළිය මේ වන විට මාතර නගරයේදී පැවැත්වෙනවා. මෙම ජනරැළිය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 76 දෙනෙකු පැමිණ සිටි බවයි හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඊට අයත්. එසේම බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, උතුරුමැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් ඇතුළු පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් පිරිසක් ද රැස්වීමට එක්ව සිටිනවා.

ජන රැළියට එක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිළ කියා සිටියේ මාතර ජන රැළිය දිරිමත් කරන්නට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද මාතරට පැමිණ සිටින බවයි. හිටපු ජනාධිපතිවරයා මාතර - කොටුපවුර මත සිට ජනතාව සමඟ එක්ව ජන රැළිය නැරඹූ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.