උතුරේ හමුදා කඳවුරු 59 ක් ඉවත් කළේ හිටපු ජනපති මහින්ද

Sunday, 14 June 2015 - 19:19

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+59+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
වත්මන් ආණ්ඩුව යටතේ උතුරේ හමුදා කඳවුරු 59 ක් ඉවත් කර ඇත්නම් ඒවා නම් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අභියෝග කරනවා. මෙම අභියෝගයට පිළිතුරු දීමට ඔහුට හැකියාවක් නොමැති බවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් අද (14) නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

උතුරේ හමුදා කඳවුරු 59 ක් ඉවත් කර ඇති බවත්, කොටින්ට හිස එසවීමට ආණ්ඩුව අවකාශ ලබාදී ඇති බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා. ඒ පසුගියදා මාතර පැවති ජන රැළියට හිටපු ජනාධිපතිවරයා එවා තිබූ පණිවුඩයක් උපුටා දක්වමින්.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා ප්‍රකාශ කරන්නේ වත්මන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ ආණ්ඩුව උතුරේ කිසිදු කඳවුරක් ඉවත් කර නොමැති බවයි. එලෙස කඳවුරු ඉවත් කිරීමක් සිදුකර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදියි. වත්මන් ආණ්ඩුව ඉඩම් අක්කර 1000ක් නිදහස් කළේ ද යුද හමුදාවේ එකඟත්වය මතයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ හමුදාව අත්පත් කර ගෙන තිබූ ඉඩම් අක්කර 11,000සෙන් 5000ක් නිදහස් කර තිබෙනවා. එම නිසා තම දුෂණ සහ වංචා වසා ගැනීමට හිටපු ජනාධිපතිවරයා යළි කොටි මන්තරය ජප කරන බවටයි එක්සත් ජාතික පක්ෂය  චෝදනා කරන්නේ.