Updatae: ඇප ලැබුණු උපුල්ට රට තහනම්

Monday, 15 June 2015 - 10:34

Updatae%3A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94++%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබූ දකුණු පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් ඇප මත මුදාහැරුණා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට සැකකරු අද (15) ඉදිරිපත් කිරීමෙන් පසුවයි. රුපියල් 25 000 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි මොහු මුදාහැර ඇත්තේ. ඊට අමතරව සැකකරුට රටින් පිටවීම තහනම් කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝගයක්ද නිකුත් කළා.

චෝදනා කිහිපයක් යටතේ  දකුණු පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් පසුගිය 8 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා. තිස්සමහාරාමයේ පැවති රැස්වීමකදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිළිබඳව තර්ජනාත්මකව අදහස් දැක්වීම තුළින් පොලිස් නිලධාරීන් බිය වැද්දීම, රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් අවිධිමත් ලෙස විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට තැත්කිරීම සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනායි.
Update : Monday, 15 June 2015 - 12:18
--------------------------------------------------

ඩී .වී. උපුල්ට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබූ දකුණු පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් ඇප මත මුදාහැරුණා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට සැකකරු අද (15) ඉදිරිපත් කිරීමෙන් පසුවයි. රුපියල් 25 000 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි මොහු මුදාහැර ඇත්තේ.

තිස්සමහාරාමයේ පැවති රැස්වීමකදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිළිබඳව තර්ජනාත්මකව අදහස් දැක්වීම ඇතුලූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය 8 වැනිදා ඩී.වී. උපුල් අත්අඩංගුවට ගැනුනා.