ඔක්තෝම්බරයේ සිට නව විදුලි අය ක්‍රමයක්

Monday, 15 June 2015 - 19:13

%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලබන ඔක්තෝම්බර් මස සිට නව විදුලි අයක්‍රමයක් හඳුන්වාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා. බොරැල්ල ප්‍රදේශයේ ඊයේ (14) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ විදුලිබල මණ්ඩලය ප්‍රාග්ධන වියදම් පියවා ගැනීමට යාමේදී මුහුණ දී සිටින ගැටළුවලට පිළියමක් ලෙස නව විදුලි අයක්‍රමය හඳුන්වා දෙන බවයි.

ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත මෙම නව විදුලි අය ක්‍රමය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදුලිබල අමාත්‍යාංශයෙන් තවදුරටත් කරුණු විමසා සිටියා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මීට අදාළ යෝජනා මේ දිනවල විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ ආයතනය මගින් සකස් කරමින් පවතින බවයි. ඒවා මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදීමෙන් පසු ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමක් ද එම කොමිසම සිදුකරනු ඇති බව එම නිලධාරියා සඳහන් කළා. නව විදුලි අය ක්‍රමවේදය යටතේ ගෘහස්ත විදුලි ගාස්තුවේ ද වෙනසක් සිදුවිය හැකියි. විශේෂයෙන් කර්මාන්තශාලා සඳහා දැනට ක්‍රියාත්මක අය ක්‍රමයේ වෙනසක් ද එමගින් අපේක්ෂා කළ හැකි බවයි විදුලිබල අමාත්‍යාංශයේ උසස් නිලධාරියා සදහන් කළේ.


කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු අල්ලයි
Wednesday, 05 August 2020 - 6:50

පාතාල කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු කැළණිය... Read More

ලෙබනන් පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට
Wednesday, 05 August 2020 - 6:37

ලෙබනන්හි බේරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 73 දෙනෙකුට... Read More

9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද - මැතිවරණ කොමිෂන් විශේෂ ඉල්ලීමක්
Wednesday, 05 August 2020 - 6:28

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More